11. අකුණු ගසන විට විදුලි එළිය දැකීමෙන් ස්වල්ප වේලාවකට පසු එහි ශබ්දය ඇසෙන්නේ ඇයි?
ආලෝකය ශබ්දයට වඩා වැඩි වේගයකින් ගමන් කරන නිසා අපට පළමුව ආලෝකයත් දෙවනුව ශබ්දයත් ඇසේ.
12. සරම්ප වැනි සමහර බෝවන රෝග වරක් වැළදීමෙන් ජීවිත කාලීන ප්‍රතිශක්තියක් ලැබේ.
සරම්ප වැනි රෝග වැළදුන විට ශරීරය තුළ ප්‍රතිදේහ සෑදේ. මේ ප්‍රතිදේහ ජීවිත කාලය පුරාම රෝග කාරක ඇතුළු වූ විට එම ප්‍රතිදේහ මගින් සිදුවන ප්‍රතික්‍රියා මගින් රෝග බෝවීම වළක්වයි. එනම් ඉහත ප්‍රතිදේහවලින් එම රෝග බෝවීම වළක්වයි. එනම් ඉහත ප්‍රතිදේහවලින් එම රෝග සදහා ප්‍රතිශක්තියක් ලබා දෙයි.
13. කොපර්සල්පේට් ද්‍රාවණයක් අසුරා තැබීමට යකඩ භාජන භාවිතා නොකළ යුත්තේ ඇයි?
කොපර් ලෝහය, යකඩ ලෝහයට වඩා ක්‍රියාකාරීත්වයෙන් වැඩිය. එම නිසා අයන සල්පේටය සෑදී කොපර් විස්ථාපනය වෙයි. මේ නිසා යකඩ ශරීරය තුළ පවතී. නැවත වරක් භාජනය ක්‍රමයෙන් විඛාදනය වෙයි. එම නිසා කොපර් සල්පේට් ද්‍රාවණයක් අසුරා තැබීමට යකජ භාජන නුසුදුසුය.
14. අභ්‍යවකාශ යානාවල ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් ඇත්තේ ඇයි?
ගගනගාමීන් ශ්වසනයේදී පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුය අවශෝෂණය කර ගැනීම සදහා ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් යොදාගනී.
15. උදරයේ ආම්ලික බව අඩු කරලීම සදහා මිල්ක් ඔෆ් මැග්නීසියා බීමට දෙන්නේ ඇයි?
මිල්ක් ඔෆ් මැග්නීසියා යනු මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වේ. මෙය භෂ්මයකි. මෙය අම්ල සමග ක්‍රියාකළ විට උදාසීන බවට පත්වේ. මේ නිසා උදරයේ ආම්ලික ගතිය අඩු වේ.
16. උණ සෑදුන විට ඝණ ආහාර නොගත යුතු යයි වෛද්‍යවරු පවසන්නේ ඇයි?
උණ සෑදුණ විට ශරීරයේ උෂ්ණත්වය වැඩි වේ. මේ හේතුවෙන් ආහාර මත ක්‍රියා කරන එන්සයිමවල ක්‍රියාව දුර්වල වේ. මෙවැනි දුර්වල තත්වයක් ඇති අවස්ථාවල ඝණ ආහාර ගතහොත් ඒවා ජීර්ණය කිරීමට අපහසු වේ.
17. අධික ලෙස මත්පැන් පානය කළ අයට දෙහි යුෂ දෙන්නේ ඇයි?
දෙහි යුෂ තුළ සිට්රික් අම්ලය අඩංගුය. මෙම සිට්රික් අම්ලයත් මත්පැන් වල ඇති ඊතයිල් මධ්‍යසාරයත් ක්‍රියාකොට ඊතයිල් සිට්රේට් නැමති එස්ටරයත් ජලයත් සාදයි. මේ හේතුවෙන් මත් ගතියට හේතු වූ මධ්‍යසාරය කෙමෙන් ඉවත්වීම නිසා මත්පැන් පානය කළ පුද්ගලයාට සහනයක් දැනේ.
18. මිනිසාට නොඇසෙන සමහර ශබ්ද බල්ලාට ඇසෙන්නේ ඇයි?
මිනිසාට ඇසෙන ශබ්ද 20Hz - 20,000Hz අතර පරාසය තිබේ. නමුත් බල්ලාට 20,000Hz වලට වඩා ඇති සංඛ්‍යාතයක් ඇති ශබ්ද ඇසේ. ඒ හේතුව නිසා මිනිසාට නොඇසෙන ශබ්ද බල්ලාට ඇසෙයි.
19. පානය කිරීමට සාදන දොඩම් යුෂවලට උණු වතුර එක් නොකළ යුත්තේ ඇයි?
දොඩම්වල ඇති විටමින් “සී“ අධික උෂ්ණත්වයේදී විනාශ වන නිසා දොඩම් යුෂවලට උතුරන වතුර එක්කරනු නොලැබේ.
20. කෙසෙල් පැළයක් පැළ කරන විට එහි අතු කපා සිටුවන්නේ ඇයි?
කෙසෙල් ගසේ පත්‍ර විශාල බැවින් උත්ස්වේදනය අඩු කිරීම සදහා පත්‍ර කපා සිටුවනු ලබයි.
This comment has been removed by the author.
ReplyDeleteThanx
ReplyDelete