-4-
ජැක්ට තානායම්කරු ගැන සැක හිතිලයි තිබුුනේ. තානායම් කරු දැකපු ගමන්ම ජැක් එයාට ලැබුණ කෝටුවට “ගහපන්“ කියලා අණ කළා. මෙන්න මේ කෝටුව අර තානායම්කරුට හොදටම ගහන්න පටන් ගත්තා. ඔලුවට පිටට අත් වලට කකුල් වලට හොදටම පහර දුන්නා. හොරකම් කරපු බව කියන කල්ම පහර දුන්නා. අවසානයේ තානායම්කරු වරද පිළි අගෙන ජැක්ගෙන් හොරකම් කරපු බූරුවයි, මේසෙයි ආපහු බාර දුන්නා. ජැක් බූරුවාත් දක්කගෙන මේසෙත් කරට අරගෙන කෝටුවත් අතින් අරගෙන බොහෝම සතුටින් ගෙදර ගියා.
අවාසනාවකට වගේ ජැක් ගෙදර යනකොට එයාගේ වයසක පියා නැති වෙලා. ජැක් හුගක් කණගාටු වුණා එයා දැන් පෝසතෙක් කියලා පියාව සතුට කරන්න බැරි වුණ එකට. ජැක් බුරුවගේ කන් ඇදලා හුගක් සල්ලි අරගත්තා. මුලු නගරයම දැනගත්තා දැන් ජැක් හුගක් ලොකු පෝසතෙක් කියලා. ඒ විතරක් නෙමේ නගරයේ ඉන්න හැම තරුණියක්ම ජැක් ගැන හුගක් උනන්දු වුණා. ජැක්ගේ අදහස නම් දැන් ටිකක් වෙනස් වෙලා වගේ. එයා කිව්වා තරුණියන්ගෙන් පෝසත් අය එයාලගේ වත්කමුත් අරගෙන ජැක්ව හම්බවෙන්න ගෙදරට එන්න කියලා කෙනෙක්ව තෝරා ගන්න.
පහවදා උදේ වෙනකොට තරුණියන් විශාල සංඛාවක් රත්තරනුයි රිදීයි අරගෙන පෝලිම් ගැහිලා ඉදියා. මේ අතරේ ජැක් ආදරේ කරන තරුණියත් ඉදියා. හැබැයි එයා ලග රත්තරන් වත් රිදීවත් තිබුණේ නැහැ. තිබුනේ තඹ පැන්ස දෙකක් විතරමයි. ජැක් මේක දැක්කා. එයා සැර කලා ඔය අතේ රත්තරන් වත් රිදී වත් නැති කෙනා පැත්තකට වෙන්න කියලා. ජැක් ආදරේ කරපු තරුණියට හුගක් දුක හිතුනා. ඇයගේ ඇස් වලින් දියමන්ති වගේ කදුලු කැට ගලායන්න පටන් ගත්තා. ඒත් කියපු දේට අවනත වෙලා ඇය පැත්තකට වුණා.
ජැක් එයාගේ කෝටුව අරගෙන “ගහපන්“ කියලා අණ කළා. එතකොටම මේ කෝටුව අර පෙල ගැහිලා ඉදපු හැම තරුණියකටම පහර දෙන්න ගත්තා ජැක් ආදරේ කරන තරුණියට ඇරෙන්න. ඒ තරුණියන් තමන්ගේ අතේ තිබුණ රන් රිදී දාලා දුවන්න ගත්තා. ජැක් ඇවිත් ඒ සේරම අහුලගෙන තමන් ආදරේ කරන තරුණියගේ උකුලට දැම්මා. දැන් ඔයත් පෝසත්. මට පුළුවන් ඔයාව විවාහ කරගන්න කියුවා. ජැක් ඇගේ පෙම්වතිය විවාහ කරගෙන කාටත් උදව් කරමින් සතුටින් සැපසේ ජීවත් වුණා.
-නිමි-
සැකසුම : ඉරෝෂ්
0 comments:
Post a Comment