-3-
මාස දොළහක් ගෙවිලා ගිය තැන වඩුවා ජැක්ට වැටුප් ගෙවන්න ඔහුට කථා කලා. ඔහු ලග ඉස්තරම් වැටුපක් තියෙනවා කියලා මේසයක් ලබා දුන්නා. දීලා කියුවා මේ මේසෙ තිරයකින් වහලා ආපහු තිරය ගත්තම කෑම බීම වලින් මේසේ පිරිලා තියෙයි කියුවා. ජැක්ට හුගක් සතුටු හිතිලා මේසෙත් කරේ තියාගෙන ගෙදර යන්න පිටත් වුණා. එදත් හුගක් රෑ බෝ වෙලයි තිබුණේ. ජැක් එයාට පුරුදු තානායම්පල හොයාගෙන ගියා. තානායමට ගොඩවැදිලා තානායම්කරුට කිව්වා ඉස්තරම් රෑ කෑමවේලක් ලබා දෙන්න කියලා. තානායම්කරු කිව්වා ඔක්කෝම කෑම ඉවරයි, තියෙන්නේ හැම්බේකනුයි බිත්තරයි විතරයි කියලා. ජැක්ට හොදටම කේන්ති ගිහින් හහ් මට මොකටද ඕවා මගේ ලග හොද කෑම තියෙනවා ඔයත් එන්න මගෙත් එක්ක රස කෑම වේලක් කන්න කියලා ජැක් තානායම් කරුටත් කථාකරගෙන ඔහු සතු මේසෙන් කෑම ලබාගන්න ලෑස්ති වුණා. තිරයක් අරගෙන මේසේ වහලා ආපහු ඇරියා. මෙන්න කලුකුම් මස්, බැදපු නොයෙක් ජාතියේ මස්, සොසේජස්, අල බැදුම්, වයින්, බීම වර්ග ඇතුළු තවත් හුගක් කෑම වලින් මේසේ පිරිලා ගියා. තානායම්කරු පුදුම වෙලා මේක දිහා බලාගෙන ඉදියා. ඒත් මුකුත්ම කියුවේ නෑ. හොදට කෑම කාලා ජැක් නින්දට වැටුනා. රාත්‍රිෙය්දී තානායම්කරු ජැක්ගේ මේසේ වගේම මේසයක් අරගෙන ජැක්ගේ මේසෙට මාරු කලා. පහුවදා උදේ ජැක් බොහෝම සන්තෝසෙන් මේසෙත් අරගෙන ගෙදර බලා යන්න පිටත් වුණා.
ගෙදර ආපු ජැක් පියාට කථා කරලා තමන්ට දැන් තරුණිය විවාහ කරගන්න පුලුවන් බව පැවසුවා. එහෙම පවසලා ජැක් මේසේ අරගෙන තිරයක් දාලා ආපහු ගත්තා. ඒත් කිසිම දෙයක් වුනේ නෑ. මේසෙ නිශ්චලවම තිබුණා. පියාට ආපහු හොදටම කේන්ති ගියා. නැවතත් ජැක්ට හොදටම පහර දුන්නා. එයා ආපහු පාරක් කෑ ගහගෙන ගෙදරින් පිටත් වෙලා දුවන්න ගත්තා. දුවගෙන දුවගෙන ගියා. ඉස්සරහට ගගක් හම්බවුණා. ජැක් ආපු වේගෙ පාලනය කරගන්න බැරිව එයා ගගට වැටුනා.
එතන ඉදපු මනුස්සයෙක් ඇවිත් ජැක්ව ගොඩට ගත්තා. අරගෙන කිව්වා ඔයා මට උදව්වක් කරන්න. මම ඔයාට හොද වැටුපක් දෙන්නම් කියලා මේ මනුස්සයා කිව්වා. ජැක් කැමති වුණා මොකද්ද කරන්න ඕන කියලා ඇහුවම මේ මනුස්සයා කිව්වා මට මේ ගගෙන් එගොඩ වෙන්න පාලමක් හදලා දෙන්න කියලා. ජැක් ටිකක් වෙලා කල්පනා කරලා ගග ලග තිබුන ගහකට නැග්ගා. මුදුනටම ගියා. හොදට බර දීලා ගහ පහත් කරා. ගගෙන් එහාටම ඒ ගහ නැමුණා. ජැක්ට උදව් කළ මනුස්සයා ගහ දිගේ ලේසියෙන්ම ගගෙන් එගොඩ වුණා. දැන් ජැක් කරපු උදව්වට වැටුපක් ලැබෙන්නයි යන්නේ. දන්නවද මොක්කද්ද හම්බුනේ කියලා. ඒ තමයි අහල ගහකින් කඩලා ගතිපු කෝටුවක්. ඒක දීලා කියුවා මේකට “ගහපන්“ කියුවම ඔයාගේ හතුරන්ට දඩුවම් දෙයි කියලා. ජැක් ඒකත් අරගෙන යන්න පිටත් වුණා. කලින් වගේම එයා සුපුරුදු තානායම්පලට ගියා.
0 comments:
Post a Comment