-2-
හොදටම රෑ බෝ වෙලා තිබුණු හන්දා ජැක් තානායමක නැවතුනා. සැප පහසු විදියට හැමදේම ඇණවුම් කළා. ඒත් තානායම්කරු මුලින් සල්ලි අවශ්‍ය බව පැවසුවා. ජැක් තානායමෙන් එළියට ඇවිල්ලා බූරුවගේ කන් දෙකෙන් ඇදලා සාක්කුව පිරෙන්න සල්ලි පුරවා ගත්තා. තානායම්කරු මේ සියල්ල හොරෙන් බලාගෙන ඉදියා. ජැක් තානායම්කරුට මුදල් ගෙවලා එයාට ඕන දේවල් ලබා ගත්තා. රාත්‍රිය එළඹුනා, මේ දුප්පත් තරුණයා තමන්ගේ එකම වස්තුව වෙච්ච බූරුවත් ලගට අරගෙන නිදාගත්තා. සල්ලි වලට කෑදර වුණ තානායම්කරු ජැක්ට නින්ද යනකන් ඉදලා ජැක්ගේ බූරුවා අරගෙන වෙන බූරුවෙක් ගෙනත් තිව්වා.
කියන්න අමතක වුණානේ, ජැක්ගේ ගෙවල් ගාව වැන්දඹු ස්ත්‍රියක් ඇයගේ එකම දුවත් සමග ජීවත් වුණා. ජැක් ඇයගේ දුවත් එක්ක මිතුරු වෙලා පසුව ඒ මිත්‍රත්වය ආදරේකට පෙරලිලයි තිබුණේ. ජැක් මේ තරුණිය විවාහ කරගන්න ඔහුගේ පියාගෙන් අවසර ඉල්ලුවා. ඒත් පියාගේ එකම උත්තරය වුණේ ඉස්සෙල්ලාම සල්ලි හොයාගෙන ඉන්න කියන එකයි.
පහුවදා උදෑසනම ජැක් ගෙදර එන බව පියාට නොදන්වාම ගෙදර ගියා. ඔහු ගිය විගසින්ම පියාට කීවා දැන් ඔහු ලග ඇති තරම් මුදල් තිබෙන බව. ජැක් ඔහුගේ බූරුවා ලගට ගිහින් බූරුවගේ කන් දෙක ඇද්දා. බූරුවා කෑ ගහන්න පටන් ගත්තා. ඒත් කිසිම මුදලක් ලැබුනේ නැහැ. ජැක්ට කර කියා ගන්න දෙයක් නැති වුණා. පියාට මේකට හොදටම කේන්තියි. කෝට්ටක් අරගෙන ජැක්ට හොදටම ගැහුවා. ජැක් ආපහු ගෙදරින් පැනලා දුවන්න ගත්තා. පාර දිගේ දුවගෙන ගියා. එහෙම යනකොට එයාට වඩු වැඩ පලක් හම්බ වුණා. ඔහු ඇතුලට ගියා වැඩක් හොයාගන්න පුලුවන්ද කියලා බලන්න. වඩුවැඩපල අයිතිකාරයා ඇවිත් ජැක් එක්ක කථා කලා. ඔහු සල්ලි හොයාගෙන යන බව පැවසුවා. මගේ ලග මාස දොළහක් වැඩ කරනවා නම් හොදට ගෙවන්නම් කියලා වඩුවා කියුවා. ජැක් ඒකට කැමති වෙලා වඩුවා ලග වැඩ කරන්න පටන් ගත්තා.
0 comments:
Post a Comment