"WWW.147ME.ML"

September 29, 2014

How to Protect Your Mobile Battery- Sinhala Article.

This Sinhala Article is about How to protect your mobile battery.

Many people doesn't know how to use a mobile phone in right way to save battery life. We should know few main things that how to protect our mobile battery. Here you can get a good idea about charging process,app maintenance, display brightness and many more to protect your mobile battery. This is a sinhala article. Read this sinhala article and save your battery life.    

ඔබේ දුරකථන බැටරිය ආරක්ෂා කර ගැනීමට ක්‍රම 10 ක්...



1. Battery Saving Mode/ Power Saver Mode එක ක්‍රියාත්මක කරන්න.
 හුගක් දුරකථන වල මේ පහසුකම තියෙනවා. එක එක දුරකථන වර්ගය අනූව බැටරි සේවින්ග් විදිය වෙනස් වෙනවා. උදාහරණයකට Sony Xperia දුරකථනයේ STAMINA mode එක මගින් ස්ක්‍රීන් ලයිට් එක ඕෆ් වී ඇති විට Notifications සහ Messages එකතු කර තබනවා. ස්ක්‍රීන් එක ඔන් කළ විට එකතු කරගත් Notifications සහ Messages වීව් කරයි.  ඒකෙන් බැටරි බලය ඉතුරු වෙනවා. තවද Samsung Galaxy S4 දුරකථනයේ වෙනස් විදියකට තමයි පවර් සේවින්ග් ක්රියාත්මක වෙන්නේ. දුරකථනයේ CPU ක්රියාවලිය සීමා කරන්න පුළුවන්. ඒ වගේම ඔටෝ ස්ක්‍රීන් ඇජස්ට් සිදුකරයි. ඒ නිසා නිතරම මෙම බැටරි සේවින්ග් ක්‍රමය භාවිතා කරන්න.

2. Vibrate ඕෆ් කර දමන්න.

දුරකථනයේ පුංචි සිහින් මෝටරයක් තියෙනවා, ඒකෙන් බරක් දරාගෙන වේගයෙන් කැරකිලා විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය බවට හරවලා දෙදරවීම සිදු කරනවා. වයිබ්රේටරය ක්‍රියාත්මක වීමේදී සහ විසන්ධි වීමේදී දුරකථනයේ බලය වැඩි වශයෙන් යොදා ගන්නවා. ඒ නිසා රින්ග්ටෝන් එක පමණක් ක්‍රියාත්මක කරන්න.

3. නිසිපරිදි දුරකථනය චාර්ජ් කිරීම සිදු කරන්න.
නිතරම දුරකථන සදහා ඔරිජිනල් චාර්ජර් භාවිතා කරන්න. ඒවට පුළුවන් බැටරි ලෙවල් එක නිවැරදිව තීරණය කර චාර්ජ් කිරීම සිදු කරන්න. එක එක බැටරි අනූව චාර්ජ් කරන විදි වෙනස් වෙනවා.
සාමාන්‍ය Nickel බැටරි නම් චාර්ජ් එක 0% දක්වා අඩු වූ පසු චාර්ජ් කළ යුතුය. එසේම 100% දක්වා චාර්ජ් කළ යුතුය. එමගින් දුරකථනයේ කල් පැවත්ම ආරක්ෂා කර ගත හැක.
නමුත් Smart දුරකථන වල භාවිතා වන Lithium-ion බැටරිවල චාර්ජ් කිරීමේ ක්‍රමය වෙනස් වෙනවා. Lithium-ion බැටරි සාමාන්‍යයයෙන් බැටරිය 20% අඩු වූ පසු චාර්ජ් කළාට ප්‍රශ්නයක් නැහැ. එලෙසම 100% චාර්ජ් නොවී 80% චාර්ජ් වූවත් ප්‍රශ්නයක් නොමැත. එහෙත් හැකි සැමවිටම 100%ක් චාර්ජ් කිරීම වඩාත් සුදුසුය. Smart දුරකථනවල බැටරි බලය 0% වූ පසු බැටරියට වැඩි ආතතියක් පීඩනයක් යොමුවේ. එයින් බැටරිය ආයුකාලය අඩු විය හැක.
එමෙන්ම Lithium-ion බැටරි චාර්ජින්ග් සම්පූර්ණ වූ විට අන්ප්ලග් කිරීමට වග බලාගන්න. නැතිනම් අධික රත්වීමකට හෝ බැටරි තත්වය බාලවීමකට ලක් විය හැක. සමහර චාර්ජර් 100% චාර්ජ් වූ පසු නැවතුනත් සැමවිටම අන්ප්ලග් කිරීම වඩාත් සුදුසුය. Lithium-ion බැටරි දිගු කලක් භාවිත නොකර සිටීමෙන් සම්පූර්ණයෙන් බැටරිය ආයුකාලය අඩු වේ.

4. Wi-Fi නිකරුනේ ඔන් කර තබන්න එපා.

වයි ෆයි කනෙක්ට් වී නැති අවස්ථාවක වුණත් නිතරම සර්ච් කිරීමේ ක්‍රියාවලිය සිදුකරයි. ඒ සදහා බැටරි බලය නිතරම අවශ්‍ය වෙනවා. ඒ නිසා වයි ෆයි භාවිතයෙන් පසු ක්‍රියාවිරහිත කරන්න. ඊට අමතරව Blue Tooth, GPS, 3G නිකරුනේ ක්රියාවීමට ඉඩ නොදී විසන්දි කර දමන්න.




5. ඇප්ලිකේෂන් භාවිතයෙන් පසු ක්‍රියාවිරහිත කරන්න.

ඇප්ලිකේෂන් සින්කින්ග් වීම සදහා දුරකථනයේ බැටරි බලය සම්පූර්ණයෙන්ම යොදාගනී. ඒ නිසා ඇප්ලිකේෂන් භාවිතයෙන් පසු ක්‍රියාවිරහිත කරීමට මතක තබාගන්න.

6. දුරකථනය රත් වීමට ඉඩ හරින්න එපා.

ඔබේ දුරකථනය සමහර වෙලාවට රත් වෙනවා ඔබට දැනිලා ඇති. එහෙම වෙන්නෙ උණුසුම් පරිසර නිසා. එහෙම රත් වුණහම දුරකථනය විසින් වැඩි බලයෙන් ක්‍රියා කරනවා. බැටරියක් හුගක් රත් වුණහම විද්‍යුත් විඡ්ඡේදනය වී ජ්වලනය වීමටද පුළුවන. මෙය දුර්ලභ අවස්ථාවකි. කොහොම වුණත් දුරකථනය උණුසුම් පරිසර වලින් ඈත් කිරීමට වග බලාගන්න.
 
7. තිර දීප්තිය අඩු කරන්න.
  
දුරකථනවල තිර දීප්තිය වැඩි කර ඇති නම් බැටරි ශක්තිය ඇද ගැනීම වේගවත් වෙනවා. ලොකු තිර ඇති දුරකථන සදහා තවත් ඉක්මනින් සිදු වේ. ඒ නිසා නිතරම ඩිම්/අඩු ආලෝකයක් භාවිතා කරන්න. 40% හෝ 50% ප්‍රමාණය වඩාත් සුදුසුය.
  
8. Battery Saver Apps භාවිතා කරන්න.
Apps Store මගින් මෙවැනි Apps භාගත කරගත හැක. උදාහරණයක් ලෙස Juice Defender කියන Android App එකෙන් Wi-fi , Bluetooth and Connections ස්වයංක්‍රීයව පාලනය කරනු ලැබේ.

  9. Background එකෙහි Apps Syncing වීමට ඉඩනොහරින්න.
ඔබ ලබා ගන්නා ඩේටා කෝල් සදහා වැඩි බැටරි බලයක් ක්‍රියාකරනවා. ඒ නිසා මෙවැනි කෝල් වල Frequency එක අඩු කරීම තුලින් සින්කින්ග් අඩුකරගත හැක.
 3G සදහා වැඩි බැටරි බලයක් ක්‍රියාකරන නිසා Apps Syncing සිදුකිරීම Wi-Fi හරහා සිදු කරීම වඩාත් සුදුසුයි.

10. Live wallpapers භාවිතා නොකරන්න, Motion Effects අඩු කරන්න.
Live wallpapers සදහා දුරකථනයේ ග්‍රැෆික් ප්‍රොසෙසරය ක්‍රියාකරනු ලැබේ. ඒ සදහා වැඩි බැටරි බලයක් අවශ්‍ය වේ. ඒ නිසා සාමාන්‍ය නිහඩ Wallpapers පමණක් භාවිතා කරන්න.
Settings=>General=>Accessbility වලින් Motion Effects අඩුකළ හැක.
ඊට අමතරව දුරකථනයේ OLED තිරයක් (Samsung Galaxy S4 Screen) නම් අදුරු Wallpapers භාවිතා කරන්න. මොකද තිරය සදහා වැඩි ආලෝකයක් OLED Screen Pixel මගින් ලබාදේ. ඒ නිසා අදුරු පැහැ Wallpapers භාවිතයෙන් ලිට් ඩයෝඩ භාවිතය අඩු වීම මගින් බැටරි බලය ආරක්ෂාකරගත හැක.

Tags: How to protect your battery/ Sinhala articles/ Battery Saving 
Categories:

0 comments:

Post a Comment

About