"WWW.147ME.ML"

October 22, 2014

බූරුවයි මේසෙයි කෝටුවයි 

Sinhala Fairy Tales-1


the-ass-table-and-stick-short-story-sinhala
the-ass-table-and-stick-short-story-sinhala
----------------------------------------------------------------------------------------------------------------------------------
This article is about Sinhala Fairy Tails. It's name is Buruwa, Mesaya saha Kotuwa. I think all of you will enjoy this Sinhala Fairy Tale. Very soon I'll give you Sinhala Fairy Tails in pdf format to free download for Sinhala people.  
----------------------------------------------------------------------------------------------------------------------------------

බූරුවයි මේසෙයි කෝටුවයි

එකමත් එක ගමක ජැක් කියලා තරුණ පිරිමි ළමයෙක් ඉදියා. එයාගේ තාත්තා හැමදාම එයාට රස්සාවක් කරන්න, සල්ලි හොයන්න කියලා දොස් කියුවා. මේක ඉවසගන්න බැරුව ජැක් ගෙදරින් පැනලා ගියා. එයා දුවලා දුවලා ගියා, හුගක් දුර දිව්වා. 

එහෙම දුවගෙන යනකොට දර අහුලන වයසක මහලු අම්මා කෙනෙක්ගේ ඇගේ හැප්පුනා. දුවලා දුවලා හොදටම මහන්සි වෙලා ඉදපු නිසා සමාව ඉල්ලන්න තරම් වත් ජැක්ට කථා කරගන්න බැහැ. ඒත් මහලු අම්මා හරිම හොද කෙනෙක්. ඇය ජැක්ව තේරුම් ගත්තා. ජැක් සියලු විස්තර ඇයට කිව්වා. මහලු අම්මා ජැක්ට කියුවා ඇයට මාස දොළහක් ආවතේව කම් කරන්න කැමති නම් හොද වැටුපක් දෙන්නම් කියලා. ජැක්ට මේකට හුගක් සතුටු හිතුණා. එයා එකපයින්ම කැමති වුණා. මහලු අම්මා කැලෑවේ තියෙන ඇයගේ ගෙදරට ජැක්ව එක්කරගෙන ගියා. හොදට කන්න බොන්න දුන්නා.

අවුරුද්දක් ගෙවිලා ගියා. මහලු අම්මා ජැක් කරපු සේවයට වැටුප් ගෙවන්න ලෑස්ති වුණා. ජැක්ට කථා කළා. මෙන්න පුතා ඔයාගේ වැටුප කියලා ඉස්තාලෙන් අයින් කරපු බූරුවෙක් දුන්නා. දීලා කියුවා මේ බූරුවගේ කන් දෙකෙන් අැද්දම ඒ සතා කෑ ගහනකොට රිදී පැන්ස හයකුයි ක්‍රවුන් බාගෙකුයි එක රත්තරන් ගිනියකුයි දාවි කියලා. ජැක්ට මේකට බොහොම සන්තෝසයි. එයා සතුටින් බූරුවත් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. 

Categories:

0 comments:

Post a Comment

About