"WWW.147ME.ML"

October 19, 2014

විද්‍යාත්මක හේතු - (Sinhala Educational Articles)

This is a Sinhala Educational article about scientific reasons. Specially for school children. I have over 200 scientific reasons. I'll publish all in here. 10 by 10.  


Sinhala-educational-article-scientific-reasons
Sinhala-educational-article-scientific-reasons

Tags: Sinhala-Articles/ Widyathmaka-Hethu/ Vidyathmaka Hethu/ Scientific-Reasons-Sinhala / Sinhala-Educational-articles.


1. වැඩිපුර ආහාර ගත් විට නිදිමත ගතියක් දැනෙන්නේ ඇයි?

ආහාර ජීර්ණයෙන් පසු එහි ජීර්ණළඵල ශරීරයට අවශෝෂණය කරගැනිම සදහා ආහාර මාර්ගයේ කොටස් වෙත වැඩිපුර රුධිරය සැපයේ. එවිට මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වේ. මේ නිසා ඉබේටම නිදිමත ගතියක් දැනෙයි.

2. යන්ත්‍රවල කොටස් වලට තෙල් ග්‍රීස් යොදන්නේ ඇයි?

යන්ත්‍ර වැඩ කරන විට එහි කොටස් වල චලනයේදී ඇතිවන ඝර්ෂණය නිසා යන්ත්‍රවල කොටස් ගෙවී යයි. එමෙන්ම එහි විවිධ කොටස් රත් වී ප්‍රසාරණය වෙයි. මෙම තත්වයන් වළක්වා ගැනීමට ග්‍රීස් හා තෙල් යන්ත්‍ර වලට යොදනු ලැබේ.

3. සාමාන්‍ය උෂ්ණත්වය ඇති දිනකට වඩා සීතල දිනයකදී වැඩියෙන් බඩගිනි දැනෙන්නේ ඇයි?

අවට පරිසරය සීතල වන විට අප ශරීරයේ පවතින තාප ප්‍රමාණය පරිසරයට එක්වෙයි. ශරීරයේ උෂ්ණත්වය ඒකාකාරීව පවත්වා ගැනීම සදහා ශක්තිය ලබා ගැනීමට වැඩිපුර ආහාර ගත යුතුය. එලෙස ආහාර නොගත් විට ශරීරය තුල ඇති ග්ලූකෝස් දහනය කර ශක්තිය ලබා ගනී. එම නිසා වැසි දිනයන්හීදී වැඩිපුර බඩගිනි දැනෙයි.

4. ඒඩ්ස් රෝගියෙකු සෙම්ප්‍රතිශ්‍යාවකින් වුවද මිය යා හැකි වන්නේ ඇයි?

ඒඩ්ස් යනු ශරීරයේ ඇති ප්‍රතිශක්තීකරණය දුර්වල කරන රෝගයකි. ශරීරයේ පවත්නා ප්‍රතිශක්තීකරණය අඩු වූ විට සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයක් වුවද පහසුවෙන් වැළදී අසාධ්‍ය තත්වයට පත්විය හැකි වේ. ප්‍රතිශක්තීකරණ ශක්තිය ඌණ නිසා සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයකින් වුවද මෙවැනි රෝගියෙකු මිය යාමේ අවදානම ඇත.

5. මිනිසාගේ හෘදයේ කර්ණිකා බිත්තිවලට වඩා කෝෂිකාවල බිත්ති ඝණට පිහිටා ඇත්තේ ඇයි?

හෘදයෙන් පිටතට රුධිරය පොම්ප කිරීමට නම් වැරෙන් සංකෝචනය විය යුතුය. එබැවින් කෝෂිකාවල බිත්ති ඝණට පිහිටා ඇත.

6. වැසි දිනවල වැඩියෙන් මුත්‍රා පිටවන්නේ ඇයි?

වැසි දිනයන්හි දහඩිය නොදමන නිසා ශරීරයේ ඇති ජලය මුත්‍ර මගින් පිට කරයි. එම නිසා වැසි දිනයන්හි වැඩිපුර මුත්‍රා පිටවීම සිදු වේ.

7. ගෙරවීම් සහ විදුලි කෙටීම් ඇතිවන්නේ කෙසේද?

වායුගෝලයේ අඩු පීඩන තත්වයන්හීදී මෙවැනි විදුලි කෙටීම්, ගෙරවීම් තත්වයන් ඇති විය හැකිය. අඩු පීඩනයක් පවතින ස්ථානයකට වැඩි පීඩනයක් ඇති ස්ථානයෙන් සුළං හමා එද්දී වළාකුළුවල චලන තත්වයක් හට ගනී. එම චලනයන්වලදි අධික ඝන ජල අංශු දරා සිටින වළාකුළු ගැටීමෙන් ධන - සෘණ විභවයන් සිදු වූ අවස්ථාවක ස්ථිති විදුලි කෙටීම ලෙස සහ ගැටීමෙන් ඇති වූ ශබ්දය ගෙරවීම ලෙස අපට ඇසේ.

8. රුධිර සෛල ජලයට දැමූ විට පුපුරා යන්නේ ඇයි?

රුධිර සෛලවල සෛල බිත්තියක් නැත. සත්ත්ව සෛල නිසා ජලයට දැමූ විට රුධිර සෛල තුළට ආග්‍රානිය මගින් ජලය ඇතුළු වේ. ටික වේලාවකදී සෛල තුල ඇතිවන පීඩනය දරාගත නොහැකි නිසා පුපුරා යයි.

9. බරවා රෝගය සදහා පරීක්ෂා කිරීමට රුධිර සාම්පලයක් ලබා ගැනීම රාත්‍රී කාලයේ සිදු කරන්නේ ඇයි?

බරවා ක්ෂුද්‍ර ජීවියා (පයිලේරියා බැන්ක්‍රොප්ට්) බිහිකරන මයික්‍රොපයිලේරියා කළල දිවා කාලයේදී හෘදයේ හා අභ්‍යන්තර රුධිර නාලවල සිටින අතර රාත්‍රී කාලයේදි පර්යන්ත්‍ර රුධිර නාලවලට පැමිණේ. මේ නිසා රුධිර සාම්පල රාත්‍රී කාලයේදී ලබා ගනී.

10. යකඩ රසදිය මත පාවෙන්නේ ඇයි?

රසදියවල ඝණත්වය යකඩවල ඝණත්වයට වඩා වැඩියෙන් ඇති නිසා යකඩ රසදිය මත පා වේ.

ඊළග පිටුව..

Categories:

1 comment:

About