"WWW.147ME.ML"

October 23, 2014

පිරිමි වර්ගයා තුළ ඇති Y වර්ණදේහය (Y Chromosome) ගැන අලුත් සොයාගැනීම

Y වර්ණදේහය (Y Chromosome) පිරිමි අය කෙරෙහි ඇති වන පිළිකා සහ ආයු කාලය කෙරෙහි බලපාන බව සොයා ගනී

Sinhala Articles for Sinhala People

x-y-chromosome
පිරිමි Y වර්ණදේහය (Y Chromosome) පිළිකා සමග සටන් කිරීම සහ ආයු කාලය වැඩි කිරීම හා බැදී ඇති බව විද්‍යාඥයන් පවසයි. ස්වීඩන් විශ්වවිද්‍යාලයේ වයස්ගත මිනිසුන් 1153 ක් සදහා කරන ලද පර්යේෂණයකින් හෙලි වී ඇත්තේ Y වර්ණදේහය (Y Chromosome) ඇති අයට වඩා 
Y වර්ණදේහය (Y Chromosome) හානි වූ අය 
අවුරුදු 5.5 ක් කලින් මිය යන බවයි.

යුරෝපයේ ගැහැණූන් පිරිමි අයට වඩා සාමාන්‍යයයෙන් අවුරුදු 7.5 ක් පමණ ජීවත් වන බව සොයාගෙන ඇත. නමුත් එහි සත්‍යතාවය අනාවරණය කරගෙන නැත. පිළිකා පර්යේෂකයන් පවසන්නේ මෙය චමත්කාරජනක දෙයක් ලෙසය.

විද්‍යාඥවරුන් තක්සේරු කරලා තියෙනවා Y වර්ණදේහය (Y Chromosome) හානිවීම බොහෝ සෙයින් බලපාන්නේ වයස අවුරුදු 70 ත් 80 ත් අතරේදී බව.


Tumour Prevention 

පිළීකා වලින් වැළකීම

විද්‍යාඥවරුන් පවසන්නේ පිරිමි වර්ගයාගෙන් සැළකිය යුතු පිරිසක් ආයු අපේක්ෂාවට පෙර මිය යන බවය.

පර්යේෂක වරුන් පවසන්නේ Y වර්ණදේහය (Y Chromosome) සහ ආයු අපේක්ෂාවට පෙර මිය යාම වයසට යාම මෙන්ම සෞඛ්‍ය ගැටලු මත තීරණය වන බවයි.

බොහෝ අය සිතා සිටින්නේ Y වර්ණදේහය (Y Chromosome) සම්බන්ධ වන්නේ ලිංගිකත්වය නිර්ණය කිරීම (Sex Determination) සහ ශුක්‍රානු නිපදවීම  (Sperm Production) සදහා පමණක් බවයි. නමුත් එපමණක් නොව සත්‍ය වශයෙන්ම මේ ජාන වලින් පිළිකා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් ද ඇත.

මෙම අධ්‍යයනයෙන් ඔප්පු වූයේ  Y වර්ණදේහය (Y Chromosome) හානි වීමේ , එනම් LOY (Loss Of Y Chromosome) තත්වයක් ඇති වුවහොත් පිළිකා වලින් වැළකී සිටීමට නොහැකි බවයි.


Immune System 

ප්‍රතිශක්තිකරණ ඒකකය

LOY තත්වයක්  රුධිර නාල වල ඇති වීමෙන් රුධිර පද්ධතිය තුළ හා භාහිරව පිළීකා ඇති වීමේ අවදානමක් ඇත. 

පර්යේෂකයන් පැවසූයේ  Y වර්ණදේහය (Y Chromosome) ප්‍රතිශක්තීකරණ ඒකකය මුරකරන බවයි. එනම් ප්‍රතිශක්තීකරණ ඒකකය සොයා ගන්නා පිළිකා Y වර්ණදේහය (Y Chromosome) විසින් විනාශකර දමන බවයි.

තවද මේ නිසා රුධිර සාම්පලයක් පරීක්ෂා කර Y වර්ණදේහය (Y Chromosome) ගැන විමසීමෙන් පිළිකා සෑදීම ගැන අනාවැකි ඵල කිරීමට හැකි වේ. නමුත් ප්‍රධාන පිළිකා පර්යේෂණ ආයතන විසින් පවසා ඇත්තේ මෙය චමත්කාරජනක සොයාගැනීමක් වුවත් Y වර්ණදේහය (Y Chromosome)  සහ පිළිකා අනාවැකි අතර සම්බන්ධතාව තහවුරු කිරීමට තවත් පර්යේෂණ කළ යුතු බවය.

වයස්ගත වන විට මෙම තත්වය ඇති වූවත් පෙර සිටම, 

  • දුම්වැටි පානයෙන්, මත් ද්‍රව්‍ය පානයෙන් වැළකීම
  • නිවැරදි බර පාලනය
  • පෝෂ්‍යදායී පිරිසිදු ආහාර අනුභවය සහ 
  • යහපත් සෞඛ්‍ය පුරුදු වලින් Y වර්ණදේහය (Y Chromosome) හානි වීම වළකා ගත හැකි බව විද්‍යාඥවරුන්ගේ මතයයි.

Categories:

0 comments:

Post a Comment

About